සාර්ථක ප්‍රීතිමත් ව්‍යවසායකයෙකු” බවට පත්වන මඟෙහි ගෙනයන්න අප සූදානම්

සාර්ථක ප්‍රීතිමත් ව්‍යවසායකයෙකු” බවට පත්වන මඟෙහි ගෙනයන්න අප සූදානම්

by
214 214 people viewed this event.

නව්‍ය ව්‍යාපාර සිතුවිලි නිරන්තරයෙන් ඔබේ මනසට පැමිණෙනවා වෙන්නට පුළුවන්. මනසින් ම එය ක්‍රමක්‍රමයෙන් සැලසුම්කොට සාර්ථකත්වයේ ඉහළට ම යනවා වෙන්නටත් පුළුවන්. නමුත් ඔබ ඒ ව්‍යාපාරික සිතුවිල්ල ක්‍රියාවට නැඟුවා ද? ක්‍රියාවට නැඟුවානම්, ඒ සඳහා විශාල මානසික ශක්තියක් ඔබ තුල ඇති බව ඔබට ම තේරුම්ගන්නට ලැබෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි එහෙම ආරම්භ කල ව්‍යාපාරයක් දියුණුව කරා ගෙනයන්නත් ඔබ තුල විශාල ශක්තියක් තිබිය යුතු යි.

ව්‍යවසායකත්ව මානසිකත්වයක් දියුණු කරගන්න, ඔබ තුල උනන්දුව පමණක් නොවෙයි, ඒ පිලිබඳ ප්‍රමාණවත් දැනුම, ඥාණාන්විත බව, තීරණ ගැනීමට නොපැකිලෙන බව වගේ ම තවත් බොහෝ ගුණාංග දියුණු කරගත යුතු යි. හොඳ මඟපෙන්වීමක් ලැබුනොත් ඔබට එය පහසු කරගන්න පුළුවන්.

මෙන්න මේ විදියට ඔබ “සාර්ථක ප්‍රීතිමත් ව්‍යවසායකයෙකු” බවට පත්වන මඟෙහි ගෙනයන්න අප සූදානම්. ඔබට කරන්න තියෙන්නේ මේ බ්‍රහස්පතින්දා (සැප්. 29) ආරම්භකොට ඉදිරි බ්‍රහස්පතින්දා දින කීපයක දී වැඩසටහන් කීපයකින් ඔබව දැනුමින් සහ ආකල්පයෙන් සවිබල ගන්වන නොමිලයේ පවත්වන මාර්ගගත ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් හා සම්බන්ධ වීම යි.

පහත සබැඳියෙන් සැප්. 29 උදේ 9.30 ට අප හා සම්බන්ධවන්න.

https://us02web.zoom.us/j/88992627934…

Meeting ID: 889 9262 7934

Passcode: 665988

ඉහත සබැඳිය ඔස්සේ මාර්ගගතව සම්බන්ධවීමට නොහැකිවන අයට මෙම ෆේස්බුක් පිටුව හරහා Facebook Live ඔස්සේ සම්බන්ධ විය හැකි ය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ සේවා සංස්කරණ පුහුණු ආයතනයේ ඉදිරිපත් කිරීමකි.

(සන්නිවේදන දායකත්වය: මාධ්‍ය හා සන්නිවේදන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)

May be an image of 2 people and text

8383

96 Shares

Like

Comment

Share

 

Date And Time

2022-09-29 @ 09:30 AM
 

Location

Online event
 

Event Types

 

Event Category

Share With Friends